Tuesday, July 23, 2019

Unhelpful friend

Unhelpful Friend

Bunny rabbit lived in the forest. He had many friends. He was proud of his friends. One day Bunny rabbit heard the loud barking of wild dogs. He was very scared. He decided to ask for help. He quickly went to his friend deer. He said, "Dear friend, some wild dogs are chasing me. Can you chase them away with your sharp antlers?" The deer said, "That is right, I can. But now I am busy. Why don't you ask bear for help?" Bunny rabbit ran to the bear. "My dear friend, you are very strong. Please help me. Some wild dogs are after me. Please chase them away," he requested to the bear. The bear replied, "I am sorry. I am hungry and tired. I need to find some food. Please ask the monkey for help." Poor Bunny went to the monkey, the elephant, the goat and all his other friends. Bunny felt sad that nobody was ready to help him. He understood that he had to think of a way out by himself. He hid under a bush. He lay very still. The wild dogs did not find the bunny. They went chasing other animals. Bunny rabbit learnt that he had to learn to survive by himself, not depending on his unhelpful friends. Moral: It is better to rely on yourself than depend on others.

Sunday, July 21, 2019

රාජකීය වසන්තය

මෙදා සැරේ පංසල් ආරෙන් මිදිච්ච වෙනස්ම ආකාරයක කථා වස්තුවක් කොටා බාන්නංය කියලා හිතා ගත්තාය.. හිතා ගත්තේ වෙනිං කවුරුවත් නොවේය...  ඔයාලා  හිතන්නේ ලෙනින් මොරායස් කියලද? ...  එයා නං නෙවේය... හිතා ගත්තේ විජයා නම් මමය...
ලෙනින් මොරායස් කියන්නේ අපේ කාලයේ හිටපු රජ වැඩ්ඩෙක්ය.. අති දක්ෂ   චිත්‍රපට නිර්මාණකරුවෙකි... හැදූ හැදූ එක බැඳ ගෙන දිව්වේය... හැම එකම බොක්ස් ඔෆීස්ය... එතුමාගේ ඇඩ් ඉවර කරන්නේ " වෙනින් කවුරුත් නොවේ... ලෙනින් මොරායස්" කියාය...නොදන්නා ඇත්තෝ ඉන්නවා නං දැන ගන්ඩය...
මේ කතා වස්තුව පංසලෙං පාසලට මාරු වෙන්නේය... ඒ උනාට ඩිරෙක්ට් ස්කූල්ම නෙවේය..
ඉස්කෝලෙ යන කාලෙ සිද්ධ වෙච්චි එකක්ය..
ඉස්කෝල කාලෙත් අග්ගිස්ස හරියෙ සීන් එකක්ය.. කියංඩ කතා නම් එමටය.. මතක් වෙන මතක් වෙන හැටියට කොටා බාන්නංය... ඕක ඉතිං අකාරාදී පිලිවෙලටම කොටාබාන්ඩය කියාලා රූල්ස් එකක් තියේ කියලයෑ...නැද්ද මං අහන්නේ..... ඒත් ඉතිං ඔය කාට හරි  ඔව්වා ටික අකාරාදියෙංම ඕන කියලා හිතෙනවා නං ඒ හැටියෙං මට මතක් කොල්ලා දෙන්ඩය.. මං කොටා දමඤ්ඤංය.. නෝ පොබ්ලමය.....
හෙහ්...හෙහ්...හේඒඒඒ..  😁😁😁😁😁😁

විජයා ඉගෙන ගත්තේ මිශ්ර පාඨශාලාවකය. ඇතුළු වෙන කාලයේ නං ඒක මහා විද්යාලයක්ය. අනේ ඉතිං කිසි ගින්නක් නැතුව කාලය ගතවුනාය... අපිත් හොඳට ඉගෙන ගත්තාය.. දඟ වැඩත් කළාය... ගුටිත් කෑවාය...ඉගෙනත් ගත්තාය...  අපූරුවට තිබිච්චි අද්යාපන ක්ෂේත්රයට හිටි හැටියේම මහා කුණාටුවක් හැමුවාය..අද්යාපනය උඩු යටිකුරු වුනාය.. දරු කැළ හොල්මං උනාය.. අකුරු උගනිමිං උන් අප දේශපාලන හෙන්චයියලාගේ කුඹුරුඔල ඉඹුල් කිරිබත් ගෙඩියට ගොයම් පැළ හිටවීමට යොමු කෙරිණි... දන මන පූජිත සුජාත ධරණී... ලෝකෙං උතුං රට ලංකාවයි... සිරි ලංකාවයි වෙන කොට ගම්බද දුප්පත් විජයාලාගේ පරපුරේ දරු කැළ කුඹුරේ මඩ යටම තලා දැමීමේ අඩිතාලම මොනවට වැටී තිබුණාය..  අ.පො.ස.උසස් පෙල දක්වා පන්ති තිබිච්චි විජයාගේ ඉස්කෝලේ අටෙං කැපුණි... පාසලේ පංති අට වසරට සීමා කෙරිණි... මහා විද්යාලය කණිෂ්ඨ විද්යාලයක් බවට ඩීග්රේඩ් කෙරිණි... අසරණ විජයලා නවය වසරට ඇතුලුවීමට පාසලක් සොයා ගැනීමේ දුෂ්කර ක්රියාවට අවතීර්ණ වූවාහු, නේක විධ ගැහැට පිළිගත්තාහ..
වියළි කළාපයට රාජකීය මධ්ය මහා විද්යාලයක්... ටීවී නැති යුගයේ ජන හද බැන්දූ ගුවං විදුලිය  ජන හද ඇන්දූවේ එලෙසය. පත්තර කාරයෝ ඊට එහාය... ඒ කාලයේ අද වගේ මාධ්යවේදීන් උන්නේ නැත. ඒත් ඇංදීමේ අඩුවක් වෙනසක් නං සිදු වූවේ නැත. දෙගොල්ල අත්වැල් බැඳගෙන අපූරුවට රජරට ගොවි ජනතාව අන්දා සතුටු වූහ.. වරදාන වරප්රසාද ආදියත් හිලව්වට ලැබෙන්ඩ නැතෑ.. කවුරු දන්නවැයි...    අපි නං දන්නේ නැත... මී කඩන්නේ අහවල්මක්කටැයි කියලා කියා දෙන පිරුලක් එහෙමත් තියනවා නෙව..කිව්වා වගේම රාජකීය විද්දියාලයක් හැදුනාය... විජයාලාව ඉගෙන ගත්තු දුප්පත් ඉස්කෝලෙං එලියට ඇදලා දැමීමේ මංගල්ලෙට සමගාමීව රාජකීය ඉස්කෝලෙත් ආරම්භ කෙරෙන බවට කසුකුසු හැමතැනම... ගොවි දරුවන් රජ කරවන මංගල්ලය විදියට රේඩියෝ  එකයි  පත්තරයි පාරම් බෑවෙ...
නමය වසරට රාජකීයෙට ඇතුල් වෙන්ඩ විජයා ඇතුළු පංතියෙ හැමෝම හීන දැක්ක... රාජකීය විද්යාලෙට නිකංම ගන්නේ නැතිය.. ඇතුල්වීමේ විබාගයක් තියලා ඒකෙං පාස් වුනොත් විතරය ගන්නෙ කියල රාවයක් ගියා.. විජයාලගෙ ඉස්කෝලේ විදුහල්පති තුමා ඒක ඉස්තීරත් කෙරුවා... ඉස්තීර කොරලා නිකා හිටපියකො... රාජකීය ඇතුලත්වීමේ විභාගෙට පෙනී ඉන්ඩ කැමති ළමයින්ට ඉල්ලුම් පත්තරත් බෙදල දුන්න.. හීනෙ යාංතං බොඳවේගෙන ගියා උනත් ළමයි ගොඩක් ඉල්ලුම් පත්තර අරගත්තා... සමහරු නං ගත්තෙ නෑ.. එව්වට හේතු කාරණා නං එමට ඇති... මොකෝ අලුත් ඉස්කෝලෙ එසේ මෙසේ තැනක්යෑ..

විජයගේ හීනේ සඵල කර කර ගැනීමේ ආරම්භක පියවර හැටියට  ගත්තා ඉල්ලුම් පත්තරේ.....  සුරුස් ගාල දීව්ව ගෙදර.... විදුහල්පතිතුමා කිව්ව විදියට ඒක පුරවන්ඩ තාත්තට බාර දුන්නා....ඒක කිව්වේ ඉල්ලුම් පත්තරේ  හොඳේ...පුරෝපු ඉල්ලුම් පත්තරේ පස්සෙන්ද උදේන්ම විදුහල්පති තුමා අතට පත් කරාපු මං තුමාට  සැනසුම් සුසුමක් හෙලුනේ ඉබේටම  වගේ... දැන් නම් රාජකීයෙට ඇතුලත් උනා වගේම  හැගීමකින්  මං තුමා වෙළිලා ගියා වගේ....අම්මේ  දැනෙන සනීපෙ ..
විද්‍යාලයට ඇතුලත් වීම සඳහා යොමු කල අයදුම්පත ලැබුණු බවත් ඇතුලත්වීමේ පරීක්ෂණය පැවැත්වෙන දිනය යථා කාලයේදී දැනුම් දෙන බවත් සඳහන් කල ලිපියක් රාජකීය මැදි විදුහලෙන් ඒවා තිබුණි... ගණිතය සහ බුද්ධි පරීක්ෂණය  යන විෂයයන් ට අදාලව ප්‍රශ්න පත්‍ර දෙකකට පෙනී සිටිය යුතු බවත් වැඩි දුරටත් සඳහන් කොට තිබුණි... වැඩ දෙකම විජයාට අවුලක් නැත... එකල ලක්දිව පල වූ සියලු පුවත්පත් මෙන්ම ගුවන් විදුලියද නොඅඩුව පරිශීලනය කල විජයාගේ පියාණන්ට පින් සිදුවන්නට විජයාගේ මීටරය සුපිරිම මට්ටමක පැවතිණ... ගනිතයේත් අවුලක් නැත   එබැවින් ඇතුලත් වීමේ පරීක්ෂණය පිලිබඳ ගැටළුවක් වෙන කාට තිබුණත් විජයාට නම් තිබුණේ නැත... ටිකක් හිතට අරං පාඩම්  වැඩ කටයුතු ටික කෙරුවොත් මැදි විදුහල් පරීක්ෂණයෙන් ජය ගැනීමේ අපහසුවක් විජයාට නම් පෙනෙන්නේ නැත... මෙතෙක්  පෙනී  සිටි හැම විභාගයක්ම සමත් වී සිටි විජයාට මේ පරීක්ෂණය ගැනත් බියක් දැනෙන්නේ නැත... පහේ සිස්සත්තෙට  ලියන්නට විජයාට වරම් ලැබුනේ  නැත... එයට තාත්තා අවසර දුන්නේ නැත ... සිස්සත්තේ පාස් වෙච්චි අයියාත් අක්කාත් දැනටමත් නේවාසිකව ඉගෙන ගන්නේ ගෙදරින් දුර බැහැර මැදි විදුහලක බැවින් විජයාත් ගෙදරින් පිට කර ගන්නට තාත්තාට  උවමනා  වුනේ  නැත... එකත් ලිව්වා නම් විජයාත් අද අයියයි අක්කයි එක්ක සෙන්ට්‍රල් එකේය...  තාත්තාට ඒ දුක, කාන්සිය හා පාළුව උහුලන්නට උවමනා වුනේ නැත... ඉතින් විජයා ගෙදරට කොටු විය...   
ඔය අලුතෙන් අරිනවාය කියන සෙන්ට්‍රල් එකට ගෙදර ඉඳලා ඒ හැටි දුරකුත් නැත... බස් එකේ ආ ගිය හැකිය...  එනිසා තාත්තාට ගැටළුවක් වෙන්නෙත් නැත... විභාගෙත් ෂේප් එකේ  ගොඩ දා ගත  හැකිය...  ඒ ගැන බයක් ඇත්තෙම නැත... අනාගතය ගැන අලුත් බලාපොරොත්තු  සමඟ කැටි වූ හීන් සතුටකින් හිත පිරී යන්නාක් සේ විජයාට දැනුණි...   විභාගේ පාස් උනාම ඒ සතුට දෝරේ ගළා යනවා නිසැකය... විජයා තව ටිකක් දඟ දමා පාඩමට හිත යොමු කොළා....

විභාගෙට කලින් දවසේ හැන්දෑවේ අම්ම විජයාව එක්කරන් ගියා පන්සලට... මල් පහන් පූජා කොරල අහක් වෙලා බෝධියත් වැඳ පුදා ගෙන අහවර වුනාට පස්සෙන් පහු  ලොකු හාමුදුරුවෝ සෙත් පිරිත් දේශනා කරලා විජයාට ආශිර්වාද කළා... මං තුමා හෙවත්  විජේ කොලුවා දැන්  ෆිටේ ෆිට්... පස්සෙන්දා  පාන්දරින්ම අවදි වෙච්ච විජේ කොලුවා, දඩි  බිඩි ගාලා ලේස්ති වෙලා, අම්මාටයි තාත්තාටයි වැඳලා හෙම  දකුණු කකුල පෙරට තියලා ගෙදරින් පිට උනා...  කලින් කතා කර ගත්තු ආකාරෙට කස්ටිය බස් ඉස්ටැන් එකේදී එකතු උනා... කෙල්ලෝ නම් කවුරුවත් නැහැ... මොකද දන්නවද ?  අලුත් මැදි විදුහල මිශ්‍ර ඉස්කෝලයක් නෙමෙයි ... පිරිමි ළමයි විතරයි...  පොඩි අව්ලකට තියෙන්නේ එච්චරයි ... විජයගේ හිතට පොඩි දුකකුත් නොදැනුණා නෙමේ... පන්තියේ කෙල්ලෙක් දෙන්නෙකුත් ඉන්ඩ ඕනේ... නැත්තන් ගතියක් නැහැ... එත් ඉතින් මක් කොරන්ඩද  එන්නා සෙයියරදු කිව්වාලුනේ.... ඉතින් අපේ මොකෝ .

නියමිත  වෙලාවට සෑහෙන්න කලියෙන්  කෂ්ටිය මැදි විදුහලට ලඟා උනා... ගේට්ටුවේ ආරක්ෂක රාජකාරි කටයුතු හින්ද තරමක පෝලිමකුත්  ඇති වෙලා තිබුණා... ඒ වුනාට වැඩි වෙලාවක් පෝලිමේ ලත වෙන්ඩ උනෙත් නැහැ... මුල ඉඳලම වැඩ කටයුතු හරි පිළිවෙලයි කියල විජයාට හිතුන... හැමෝම විභාග ශාලාවට ඇතුල් වෙලා  තම තමන්ට ලැබිලා තිබුණු විභාග අංකයට අදාළ ආසනේ හොයා ගෙන වාඩි උනා... හැමෝම නොඉවසිල්ලෙන් ඉන්නා  බවක් පෙනුනා... සමහරුන්ට දැම්මම දාඩියත් දාලා... විජයාට නං ගානක් වත් නැහැ. ෆිට් එකේ ඉන්නවා ....
ඔන්න එක පාරටම සීනුවක් නාද වෙන්න පටන් ගත්තා ... ඔක්කොමල්ලා ගැස්සිලා ගියා සීනු නාදෙට... ඇයි ඉතිං බලාපොරොත්තුවෙන් උන්නේ  වෙන දෙයක් නෙව... කොලු නඩේ කාගෙ කාගේත් මූණු වල ලැජ්ජාව බේරෙනවා... කොරන්ඩ දෙයක් නැහැ ඒකට...   එක්කෝ කලිං කියල සීනුව ගහන්ඩ ඕනේ... එච්චර වෙලා ඒ විදියට ඉන්ඩ උනේ නැහැ... විබාග පරීක්ෂක වරු ශාලාවට ඇතුළු උනා... කව්රුත් සීරුවෙන්... මීක් සද්දයක් නැහැ දැන්නං... විභාග අපේක්ෂකයන් පිළිපැදිය යුතු දේවල්, නීතිරීති එහෙම විස්තර කරපු කතාව කෙරුවේ විදුහල්පති තුමා වෙන්ඩ ඇති මගෙ හිතේ,  විජයාට හිතුනා... ඉන් පස්සේ විභාගේ ආරම්භ උනා... මුලින්ම බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්තරේ... විජයා නිවී හැනහිල්ලේ කියෙව්වා පේපරේ... අවුලක් නං නෑ වගේ... කොහොමින් හරි නියමිත වෙලාවටත් කලියෙන් ලියලා ඉවර කෙරුවා... හිතට ෆිට් එකේ උපරිමේ ... කඩයිමෙන් බාගයක් දැනටමත් ගොඩ ගිහින් කියල විජයාට දැනුණා... ඊළඟට විනාඩි පහළොවක විවේක කාලේ... කට්ටියම ගිහිල්ලා මුත්තරා බරවල් වලිං හෙම නිදහස් වෙලා කාරිය කැන්ටිමේ පයිප්පෙන් වතුර එහෙම බීල ආයෙමත් විභාග ශාලාවට ඇතුල් උනේ හොඳ හුස්මක් කටක් කාරිය අරගෙන... ඊළඟට පිරිනැමෙන ගණිත ප්‍රශ්න පත්තරේ පිළිගන්ඩ කව්රු කව්රුත් සැදී පැහැදී බලාගෙන උන්නා...
    
පේපර් එක ගත්තු විජයා ඒක කියවන්ඩ පටන් ගත්තා... කොලුවා ගේ ඇස් ගෙඩි දෙක ඩිංග ඩිංග උඩ යන්ඩ පටන් ගත්තා...  නළල  රැලි වැටෙනවා  මහා හුළඟට වැවේ දිය රැලි උඩ යන්නා වාගේ...  නළලේ වටේට දාඩිය බින්දු බින්දු මතු වෙනවා... ඔලුවත් කැරකෙනවා ...   අප්පට සිරි .... ඔක්කොම මැට්‍රික්....     කව්ද  එව්වා දන්නේ ..? චක්කරයක් වත් දන්නේ නැහැ කව්රුවත්... හැම පොතක පතකම තියෙන්නේ යාර අඩි අඟල් චක්කරේ...  බ්‍රිතාන්‍ය ඒකක කියන එව්වාය...   මෙට්‍රික් වගුවක් නං ජීවිතේට දැකලා නැත ... අලිම අලි හුට්ටප්පරයක්ය මේ සිද්ධ වෙලා තියෙන්නේ.. මෙට්‍රික් එකක්  ඉස්කෝලෙදි  වත් උගන්නලා  නැත ... විජයාලාගේ ගැන්සියේ කව්රුවත් මෙට්‍රික් අහලා නැත...  ඉදිරියේදී ලංකාවේ මිනුම් ක්‍රම මෙට්‍රික් ක්‍රමයට හරවන්නට පිඹුරු පත් සකසනවාය කියලා පත්තරේ  නං තිබුණාය ... එකත් නිකං ආරංචියක් විතරය...  ඒ උනාට එව්වා තාම ක්‍රියාත්මක කෙරුනේ නැත ... පනතක් වත් තවම පාර්ලිමේන්තුවට ගෙනවිත් නැත ... වගුවක් වත් හැදුවාද දන්නෙත් නැත... සිංහලෙන් නැතුව ඉංග්‍රීසි වගු තිබ්බොත් විජයාලාට බලු වලිගෙ බැන්ද මී වද ගානය...  අහවල් පොරෝජනයක්ය එව්වගෙන් ?     යකෝ... අපි වතු කොට කොටා  ඒක එකාගේ කුඹුරු ඔල ගොයං පැල හිටෝ හිටෝ ඉන්න අව්අස්සේ උගන්නලා අපට එව්වා මග හැරුනා වද්ද?..   කව්රු දන්නවද  විජයාට හිතුනා... වෙච්චි වැරැද්දට එන්නා සේය්යරැදු කියලා කව්දෝ කිව්වලුය ...   ඒක අහපු තව එකෙක් කිව්වලු අච්චු ලැබෙවාය කියලා.. එව්වා ගෙන් විජයාට දැන් ඇති වැඩක් නැත...   මොන ජිල්මාල් එකක් දමා හෝ ගණන් ටික හැදිය යුතුය ... නැත්තං විජයා අනාථය  වැඩේ කොට උඩ යනවාය ... විජයාගේ අනාගත  හීනය බොඳ වෙනවාය...  දැන් මේකට කල යුත්තේ කුමක්ද ?  මේක බහුවරණයක් නං වැඩේ දෙයියන්ට බාර දී  දෑස පියා ගෙන උත්තර ලකුණු කර ගත හැක ගණන් එක්ක ඒ සෙල්ලම් දමන්නට බැරිය   අනික දෙයියොත් මෙට්‍රික්  දන්නවාදැයි ෂුවර් නැත  ම්ම්ම්ම්ම්ම්   මාර ගින්නක්ය විජයාගේ ලය මඬල ඇතුලෙහි බුර බුරා නැග එන්නේ   අසරණ විජයා කොලුවා දෑස පියා ගෙන  අහස පොලොව ගැටලන්නට විය..යකා උගේ කම්මල ගෙනවිත් විජයාගේ හිස්කබල අස්සේ හයි කර ඉස්ටාට් කෙරුවේත්  ඔය අව් අස්සේය .....

පට්ටාෂ්  .....   අයිඩියාෂ් ....

ගණ දෙවියෝ  ඇවිත් යකාගේ කම්මල වසා දමන ලදී....  විජයාට ගණ දෙවි සහාය ලැබී  ඇති ලකුණු පහලවී තිබේ ... තෙල් බෝතලයේ මිලිලීටර් හත්සිය පනහක් අඩංගු වන්නේ යැයි  ලේබලයේ  සඳහන් කර තිබුන බව විජයා කොලුවාගේ  මතකයට නැඟුනි...  ගැළුමකට බෝතල්  හයකි... ද්‍රව පිලිබඳ ගණිත වගුව දැන් සකසා ගත හැක...  රාත්තලකට ග්‍රෑම් හාරසිය පනස් හතරකි... ඒකත් මොකක හරි  ලේබලයක තිබුණා විජයා කොලුවාට මතක් විය ... වාසනාව විජයාගේ පැත්තේ විය යුතුය... ඒත්  දුර මනින මෙට්‍රික් උන්නැහේ ගැන නං  අදහසක් එන්නෙම නැත... ඔය මදැයි  මොකුත්ම  නැතුවාට වඩා මොනවා හරි තිබීමම වැදගත්ය... දැන් මේ චක්කර නිර්මාණය සමඟ ගණන් කීපයක් හදා ගත හැකිය ... යකාගේ කම්මල වසා දැමූ ගණ දෙවියෝ විජයාගේ ඉසේ මලක් පුබුදු කර සිටියේය ...    වව්වාලයා...    ඔය තියෙන්නේ නැති  චක්කරේ... විජයා තමාම නිර්මාණය කර ගත් මෙට්‍රික් ගණිත වගුව උදව්වෙන් ගණිත ප්‍රශ්න පත්තරයේ ගැටළු විසඳන්නට පටන් ගත්තේය ... අවාසනාවට එම උත්සාහය විය යුතු පරිදිම  අති දීර්ග ලෙස කාලය වැය වෙන්නක්ම විය... ඉතාම ඉක්මනින් කාලය ඉකුත් වීමෙන් පිලිතුරු පත්‍ර  නැවත එකතු කිරීම ඇරඹුණු  බැවින් එතැනින්ම  විජයාගේ සිහින මාලිගාව බිඳ වැටී  යන ලකුණු පහල විය...

ප්‍රතිඵල නිකුත් කෙරිණි...තැපෑලෙන් ගෙදරටම ප්‍රතිඵල එවා තිබුණි...  බලාපොරොත්තු වූ  පරිදිම විජයා විභාගයෙන් අසමත් ව තිබුණි... විජයාගේ නව සොයා ගැනීම ගැන නිසි අවධානයක් නං  යොමු වී නොතිබුණි ... ඔහුගේ ගණිත වගුව හෝ එය උපයෝගී කර ගනිමින් විජයා දරණ ලද උත්සාහය ඇගයීමකින් තොරවම අධෝවාතයක් තරමට වත් නොසලකා බැහැර කර තිබුණි...  විය යුතුව තිබූ  පරිද්දෙන්ම විජයාගේ එකදු යහළුවෙකු හෝ සමත් ව තිබුනේද  නැත... රාජකීය සිහින ඉන් නිමා විය... ඒ මත්තේ නැහිල්ල පසෙක ලූ විජයා සහ මිතුරු සංධානය  තරමක් දුෂ්කර වුවද වෙනත් මහා විද්යාලයයකට ඇතුලත් වූයේ, එහි විදුහල්පති තුමාගේ කාරුණික භාවය නිසාමය...මේ මහා විද්‍යාලයද මිශ්‍ර පාසලක් වූ බැවින් කව්රුවත් කන්කෙඳිරි ගෑවේ නං නැත... එයින් උපරිම ඵල නෙලා ගත් විජයා කොලුවා  සහ පිරිවර අ පො ස (සා/පෙ), (උ/පෙ ) සමත් වන්නා හූ මතු නොව විශ්ව විද්‍යාලය ට ද   ඇතුළුවන්නාහු  ගව්රව උපාධියෙන්ද පිදුම්  ලබන්නට තරම් වාසනාවන්ත වූහ ... කෙළි පොඩිත්තියන්  කීප පොළක්ම ද  විජයාලගේ අඩි පාරේ විශ්ව විද්‍යාල ගත වී ජීවිතය ජය ගත්හ ...


Wednesday, July 17, 2019

දහම් පාසල් තරඟාවලිය..!

ඕන්න ඔහොම අපේ පංසලේ බුදු පිලිම වහන්සෙගෙ නේත්තරා මංගල්ලෙත් සිද්ධ  වෙලා අහවර වුනාය කියමුකො... අර දොරකඩ අස්න අනුසාශනාවත් ඒ පිංකම් මාලාවෙම එක අංගයක්... ඒකෙන් අපෙ සෝමයා ගොඩ ගියා... පිංකං ඉවර වෙලා සුමාන තුන හතරකින් වගෙ සෝමයා ගෙ නම අපේ පංසලේ නැවතත් ඉස්මතු වුනා.... ඒත් මේක සෝමෙගෙ කතාවක් නම් නෙවෙයි..

පිංකම් වලින් සුමාන තුන හතරක් වගේ ගත වෙද්දි සෝමෙ කොළුවා අපේ පංසලේ  දහම් පාසලට ආයුබෝවන් කියලා රජමහ විහාරෙ දහම් පාසලට මාරු උනා...සෝමෙයා ගුණමකුවාය, අරකාය මේකාය කියන නා නා විධ කතාංදර එහෙං මෙහෙං ඇහෙන්ඩ ගත්තත් එවුවා වැඩි දොහක් පැවතුනේ නෑ... සෝමෙව ආදර්සෙට ගත්තු විජයත්   සද්ද නැතුවම රජමහා විහාරෙ දහම් පාසලට යන්ඩ පටං ගත්තෙ නැතෑ.. ඒක හින්ද සෝමෙයා ගැන ඇතිවෙච්චි කයි කතංදර කොච්චර දුරට පැවතුනාද කියන්ඩ විජයා හරියටම දැන ගත්තෙ නෑ...
රජ මහා විහාරෙ දහම් පාසැල හරි පිළිවෙලයි... ළමයි ටික බොහොම හොඳට විනයගරුකව හදන ගමංම දහම් දැණුමත් අපූරුවට ලබා දුන්නා...
අපේ ගෙවල් වල ඉඳලා රජ මහ විහාරෙට
සෑහෙන දුරක් තියෙනවා.. අඩුම තරමෙ හැතැක්ම දෙහෙකට නං වැඩියි... පයිංම තමයි කොටන්ඩ ඕනෙ... ඒ කාලෙ ඉතිං එහෙමට කියාල වාහන තිබිච්ච එකක්යැ... ඒ වුනාට අපි ගැන්සිය සැට් වෙලා පයිං කෙටීමෙත් මාර ආතල් එකක් තිබ්බා කියමුකො.... යෝධ ඇලෙන් එගොඩ වෙලා.. ඇලේ බන්ටෙක දිගේ වැවේ හොරොව්ව ගාවට... එතනිං වැව් බන්ටෙකේ පල්ලෙහැයිං රජ ඇල පටං ගන්න තැනට... රජ ඇල බන්ටෙක දිගේ රජ මහ විහාරෙ අබියසට... රජ ඇල පැන්නම රජ මහ විහාරෙ... ඕක තමා අපෙ ගමන් මාර්ගෙ... නේකප්පරකාර කෝලං නට නට යන කොට මහංසියක් දැනෙනව කියලැයි... ඒ මදිවට මුලු අවුරුද්ද පුරාම එක එක ජාතියෙ ගඩා ගෙඩි... කාලෙකදි පළු... ඊළඟට වීර.. ඕං දං වාරෙ ඊගාවට.. කෝන් ද.. මොර ද... වේ ගෙඩි ද.. අඹ.. තල්... වෙරළු... ජම්බු... අප්පේ මොනවද නැත්තෙ..මුලු අවුරුද්ද පුරාම මොන ම හරි පළතුරක් වැරදුනේ නැහැ.... රජ මහ විහාරෙ දහම් පාසැල අපි කොළු නඩේට හොඳට අල්ලලා ගියා..
විනය අතිනුත් අපි දිනෙන් දින ඉදිරියටම ගියා.. රජ මහ විහාරෙ ලොකු හාමුදුරුවො හරිම තේජාන්විතයි.. සීලවන්තයි... හොඳට හොඳයි වගේම වැරැද්දට දෙන දඬුවමත් ඒ වගේම තමයි.. ඒ හිංදම කවුරු කවුරුත් වරදක් කරන්න බය උනා... දහම් දැණුමත් දිනෙන් දින වර්ධනය වුනා..
දිස්තිරික් සාශනාරක්ෂක බළ මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන අන්තර් දහම් පාසල් තරගාවලියකුත් හැම අවුරුද්දෙම පැවැත් වුනා...  රජ මහා විහාරෙ දහම් පාසැලෙනුත් කණ්ඩායමක් හැම අවුරුද්දෙම මේ තරඟාවලියට සහභාගී උනා.. සහභාගී උනා විතරක් නෙමේ  තරග වැඩි  වැඩියෙන් දිනලා නම තියන්නත් සමත් උනා..මේ වෙන කොට විජයත් දක්ෂ දරුවෙක්ය කියලා ලොකු හාමුදුරුවන්ට තේරිලා තිබුණා... ඒ හින්දා මෙදා තරගාවලියෙ ගාථා ගායනා තරග ඉසව්වට රජ මහ විහාර දහම් පාසලෙන් ඉදිරිපත් කෙරුවෙ මා හෙවත් විජයාය... අනේ ඉතිං විජයාට මේක හරි ඉහළය...  හිත පිරිලාය... මීට කළින් කවදාවත් මොනම තරඟෙකට වත් සහභාගී වෙලා තිබ්බෙ නැති විජයා මේ දවස් වල ඉන්නේ උඩු ගුවනේය...අඩුම තරමේ බනිස් කෑමේ තරගෙකට වත් ඉඳලා තිබුනේ නැතිය... ආඩම්බරේට, උජාරුවට ඉන්ඩ උවමනා  වුනත් දහම් පාසලේ එව්වා සුම්මාය... ඒ හින්දා ඉතා අමාරුවෙන් හිත හා කය පාලනය කර ගෙන ඉන්ඩ විජයාට සිද්ධ වී ඇත..
ලොකු හාමුදුරුවො දීපු ගාථා දෙක කටපාඩං කිරීම මේ දවස් වල විජයාගේ පළමුවැනි රාජකාරිය වී ඇත... දවසෙන් දවස වැඩේ ගොඩ යන බව විජයාට සුවර්ය. සතියක් ගත වෙන විට ගාථා දෙක හොඳටම පාඩංය... තරගය දිනණ එක මහ ලොකු කජ්ජක් නොවේය... එකම දේ තරග දිනය ඉක්මණින් නොඒමය.... විජයාට රෑ හීනෙන් පෙනෙන්නෙත් දහම් පාසල් තරගයයි.... ඒ හැමදාම දිනන්නේත් විජයාමය. තරග දිනය යෙදී ඇත්තේ තව සති දෙකකින්ය.. ලබන පසළොස්වක පෝය දවසේය. ඒ දවස ඉක්මණින් එනවා නම්... ඉරිදට දහම් පාසලේදී අපේ තරගකරුවන් ගේ හැකියාවන් උරගා බැලෙන්නේය... හැමදාම විජයා ඉදිරියෙන්ම සිටින්නේය... ආයෙ ඉතිං... දොඹෙං දෙන්නංකො... විජයාට හිතෙන්නේ එහෙමය..
කොහොමිං කොහොමිං හරි දවසිං දවස ගත වෙලා තරග දිනෙත් එළැඹුනා. තරග තියෙන්නෙ හවස් වරුවෙ.. දවල් එකහමාරට කණ්ඩායම පංසලෙන් පිටත් වෙන්ඩ කතා කර ගෙන තිබුනෙ. විජයා දවාලට කෑවයිං නොකෑවයිං ගෙදරිං පැන ගත්තා. සුදෝසුදු ආරිය සිංහල ඇඳුම... විජයා හරියට කිරිකොකා වගේ... කොච්චර වෙලාවකටද දන් නෑ...
කට්ටියට යන්ඩ වාහනයක් ලෑස්ති කරල තිබුනා...තරමක වෑන් එකක්.. ලොකු ළමයි පිටිපස්සෙ... විජයා වගේ බටු ඇට ඉස්සරහට වෙන්ඩ... ඩැයිවර් ගාව ලොකු හාමුදුරුවෝ...හරියටම එකාමාර වෙද්දි වාහනේ පිටත් උනා.... සාදු... සාදු.... සාආ..දූ..!
ටවුම කෙලවරේ ඇල උඩ ලොකුවට මඩුවක් ගහල තිබ්බා.. වතුර ගැලුවෙ මඩුවෙ යටිං... ලස්සනේ බැරුවා... පහුවදා ඉඳං දංසැල දවස් තුනක්.. මේ මඩුවෙම තමයි ඒකත්... අම්මට කියලා බලංඩ ඕනෙ..අම්මා ආවොත් දංසැල වැඳ පුදා ගත්තැකි... විජයාගෙ ඔලුවෙ දැං තියෙන්නෙ දංසැල....  ගාථා කැලේ... 
පැමින සිටි පිරිස පංචශීලයෙහි පිහිටු වීමෙන් උත්සව සභාව ආරම්භ වුනා.. පිලිගැනීමේ කතාව, අනුශාසනා දෙක තුනකට පස්සෙං පහු තරග ආරම්භ උනා.  විජයා ගාථා දෙක ආයෙම මතක් කර ගත්තා.. තරග එකිං එක ඉවර වෙවී ඇවිත් ගාථා ගායනා තරගෙත් පටං ගත්තා... ලොකු හාමුදුරුවෝ විජයා දිහා බැලුවා.. විජයා ඒක දැක්කෙ නෑ.. ඒත් එක්කම විජයාගෙ නම කියවුනා... ඒ සැනින් කිරිකොකා වේදිකාගත වුනා..
සභාවෙන් අවසර ගත්තු විජයා පලවෙනි ගාථාවෙ පද දෙකක් කිව්වා... දංසැල.. ගාථාව.. ඔය දෙක අතර දෝලනය වෙන විජයාගෙ හිතට ඊගාවට කියන පදේ ගැන කුකුසක් මතු උනා. දෙවැනි පදේ කිව්වද නැද්ද.. සෑහෙන වෙලාවක් විජයා මේ උභතෝකෝටිකයට මැදි වෙලා හිටියා... මුළු සභාවම විජයා දිහා බලාගෙන... උපහාසය ඒ හැම ඇසකම..  හතර විළිලැජ්ජාවයි..!
😫😫😫😖😖😚😚
දැං වෙන කරන්ඩ දෙයක් නෑ... විජයා හිට ගත්තා සීරුවෙං.. පුරුෂ ධෛර්ය සමග හොඳ හුස්මක්... ඕනෑ පුයන්නක්... කියනව මුල  හිටං....ගාථා දෙකම මුල ඉඳලම  කිව්වා ඵක හුස්මට.. ඒත් වැඩක් උනේ නෑ.. නෝ ප්ලේස්... මැන්ටල් වලට දිණුම දෙන්න මොකෝ විනිශ්චය මණ්ඩලේ ඇත්තංට ඔල්මාදෙයැ.. .

ආපහු එද්දි ලොකු හාමුදුරුවො කිව්වා "මං දැනං උන්නා විජයා වරද්ද ගන්න බව"   විළිලැජ්ජාවෙ හතරේ වර්ගය.. පොලව පලං යන්ඩ හිතුනා විජයා හෙවත් මං තුමාට... අම්මා කැමති උනේ නැති හිංදා දංසැලත් මිස් උනා.. ඔක්කොම අබ්ලික්..
ඊළඟ අවුරුද්දෙ මං තුමා උන්නෙ කථික තරගෙට... දුන්නා දොඹෙං... පළවෙනි ස්ථානය.. එදා නං දංසැල ගැන හිතුවෙම නෑ... තෑග්ගට ලැබුනා හම් බැම්මෙං බැඳපු සද්ධර්ම රත්නාවලිය පොත... අපේ අම්මගෙ තුන් මාසෙ දානේ පිංකමේ පිරිකරට පූජා කෙරුවෙ ඒ ධර්ම පුස්තකය...
දහම් පාසල් තරගාවලි මතකය එපරිදිය...😁😁😂😁😀😂😁😀

Tuesday, July 16, 2019

අටම්පහුර බ්ලොග් අඩවියෙන් උපුටා ගැනුණි.


ශ්‍රී ලංකාවාසී සියලුම බොදුණුවන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි





ශ්‍රී ලංකාවාසී සියලුම බොදුණුවන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි

රටේ ඇතිවී ඇති නොසන්සුන්කාරී  වාතාවරනය ඉක්මනින්   දුරුවී  , සාමය සතුට නිදහස සොම්නස උදාවේවායැයි පතමින්  

සෑම නිවසකම සාමාජිකයන්  හැකි හැම විටකම බුදුරජාණන්  වහන්සේට මල් පහන් පුදා  , පන්සිල් සමාදන්වී ,  ධජග්ග සූත්‍රය සජ්ජායනය  කරන්න

පිරිසිදුව සකස්කල පිරිත් පැන් බදුනක්  බුදු කුටිය තුලින් තබන්න

හැකි සැම විටම ගමේ පන්සලට ගොස්  පන්සිල් සමාදන්වී ස්වාමීන්  වහන්සේගෙන් පිරිත් පැන්  ලබාගන මහත් භක්තියෙන් රැගෙන විත් බුදු කුටිය තුලින් තබන්න

හැකි සැම විටම ධජග්ග සූත්‍රය , රතන සූත්‍රය , මහා මංගල සූත්‍රය , කරණියමෙත්ත සූත්‍රය , අංගුලිමාල පිරිත ඇතුලු  සියලුම පිරිත් දේශණාවන්  ඔබේ මෝටර් රථයේ , ඔබේ  සේවා ස්ථානයේ ,  ඔබේ වෙළද සැලේ , නිවසේ  ශ්‍රවණය  කරන්න , අන් අයට කරදරයක් වන මට්ටමට හඩ වැඩි කිරීමෙන් වලකින්න

නිවසින් පිටතට යන හැම විටම  පිරිත් පැන් ස්වල්පයක්  රැගෙන යන්න ,  මහ මගදී , සේවා ස්ථානයේදී , වෙළද සැලේදී සහ විශේෂයෙන් මංසන්ධිය  වලදී පිරිත් පැන් බිඳක් ඉසින්න 

පිරිත් පැන් ඉසිමේදි  විශේෂ වතාවත් , උපකරන , දෙහි අතු  , මල් වැනි දෑ අවශ්‍ය නොවන අතර , බුදු ගූණයට කිලී සහ ඔබ ආහාරයට ගන්නා දෑ ගැවසෙන ස්ථාන  අදාල නොවන බවද මතක තබාගන්න ,  භාවිතයට සහ හසුරුවාගැනීමට පහසු කුඩා බදුනක් භාවිතා කිරීම සැහෙන අතර , එම බදුන නිවසට පැමිනි පසු නැවත පිරිත් පැන් පුරවා බුදු කුටිය තුලින් තබන්න

පිරිත් පැන් ඉසීමේදී  රටේ ඇතිවී ඇති තුන්බිය දුරුවන මෙන් මහත් අධිෂ්ඨානයකින් සහ අභිමානයකින් සිතමින් සිනාමුසු  මුහුණින් අදාල කාර්යයෙහි  යෙදෙන්න , අන්අය තමන්ගැන කුමක් සිතනවාදැයි නොසිතන්න ,  ඒ ගැන විමසන  සහ ඔබ දෙස උනන්දුවෙන් බලන අයට ,  රටේ ඇතිවී ඇති තුන්බීය  දුරුවන මෙන් අධිෂ්ඨාන කොට සකස්කල පිරිත් පැන් ඉසින බව පවසන්න 

ඔබේ අසල් වැසියාට මිතුරු මිතුරියන්ට මෙය පවසා ඔවුන්ද  මේ  උතුම් කර්තව්‍යය ට සහභාගි  කරගන්න , විශේෂයෙන් නිතරම කුසල කර්මයන්ගේ නිරතවන  සිල්වත් වැඩිහිටි  මව්වරුන් සහ පියවරුන් දැනුවත් කරන්න.

ඊමෙල් , මැසෙන්ජර් , වයිබර් , ඉමෝ වැනි  පහසු මාධ්‍ය මගින් සියල්ලන්ටම මේ පනිවිඩය  බෙදාහරින්න.

ධජග්ග සූත්‍රය සහ තේරුම දැන ගැනීමට
http://fb.pathnirvana.org/archives/596

ධජග්ග සූත්‍රය දිනපතා ශ්‍රවණයට
https://youtu.be/1dbfSz0FB_Q

තුන් සූත්‍රය  දිනපතා ශ්‍රවණයට
https://youtu.be/o2smtViBRy8

සර්වරාත්‍රීක පිරිත් දේශනාව  ශ්‍රවණයට 
https://youtu.be/413GdM_YFNw

ඔබ සැමට තෙරුවන් සරණයි

ලක්මාල් කන්දෙවිදානේ
0778707807


අටම්පහුර බ්ලොග් අඩවියෙන් උපුටා ගැනුණි..

ලක්මාල්... ඔබට සම්මා සම්බුදු සරණයි.. යහපතක්ම වේවා...!

Saturday, July 13, 2019

ගැට දෙහි බළකාය

පොඩි නම... සෝරත....
ඵහෙයි.... මේ එනවා ලොකු හාමුදුරුවනේ..!
කෝ මේ සෝමෙ කොළුවා... කිසි හැලහොල්මනක් නෑ නෙව.... මොකෝ පාඩං කොරාල අහවරැයි අනුසාසනාව.....
ආං.... හොඳටෝම නිංද ගොහිල්ලා ලොකු හාමුදුරුවනේ.....
හ්ම්... කාරි නෑ...කාරි නෑ... තව ඇබිංදක් ඔහෙ නිදා ගත්තාවෙකො... මහන්සිත් නැතෑ නිදි මරාන පාඩං කොරාල....
හෙට පේරු දානෙ අපේ දිහෑං... ගිලංපස ඇරං හැන්දැකොරේ පංසල් ගිය වෙලේ තමා ඔය දෙබස මගෙ කණට වැටුනෙ.. පංසලේ ලොකු හාමුදුරුවොයි සෝරත පොඩි හාමුදුරුවෝයි අතර ඇති වෙච්චි මේ දෙබසින් මාව කරකවල අතෑරිය වගේ වුනා... මොකාද බොල මං නොදන්න සෝමයා.. පංසලේ ඉන්න... ම්..ම්..ම්.. විපරං කොල්ල බලන්ඩ ඕන..
කවුදෑ අපෙ හාංදුරුවනේ....  අළුත් ඇබිත්ත කොළුවෙක් වත් කැටුං ආවැයි..?
මට කළිං අපෙ අම්මා ඉස්සර වෙච්චි.
අපොයි නෑ උපාසකම්මෙ... මේ අර දෙණියෙ ගෙදර සෝම්පාල කොළූ නෙව... ඒකා නෙව මේ වංගියෙ දොරකඩ අස්නෙ දේව දූතයට අඳින්නෙ.. හාමුදුරුවො කියාපි. ඒකා මේ දවස්සොල පංසලේ නතර වෙලා ඉඳගෙන පාඩං කොන්නව නෙව...😩😩😩
හා..හා.. හොඳා අපෙ හාමුදුරුවනේ.. කලිං දැනගත්ත  නං අපෙ විජයටත් ඕක  කියංඩ තිබ්බ යස අගේට... මේකත් බොහෝම දස්සයි නෙව කතාවට බහට...
අප්පුච්චියේ.... මට ඇබිංදක්වත් ඒක සිහියට ආවෙ නෑ නෙව උපාසකම්මෙ...  දැං ඉතිං මක් කොරන්ටද...
ඒකට කාරියක්  නෑ අපෙ හාංදුරුවනේ... මං නිකමට කීවෙ.. සෝමෙ කොළුවත් හොඳට ඉඳීවි දේව දූතයට ඇංදහම... අපෙ අම්මත් රිවස් එකට දාලා සයිලන්ස් උනා. ඒ උනාට අම්මගෙ බොඩි ලැංවේජ් එක නං පෙන්නුවෙ වෙන දෙයක් කියලාමයි මට දැනුණෙම.
"අපේ එකාගෙ අහලකිං තිබ්බැකිද සෝමයා..... " ඕං ඕක තමා අපෙ අම්මා හිතුවෙ කියලමතමයි මට නං හිතුනෙම... අම්මපා..!
විජේ ළමයට බැරුවෑ පරිවාර සේනාවට එකතු වෙන්ඩ... ඒකත් මහ ගරු ගාම්භීර තානාංතරයක් නෙව.... අන්තිමේදී විජයගෙ ඉරණම තීන්දු උනේ ඕං ඔය ආකාරෙට.....
හෙමි හෙමිං දවසෙන් දවස ගතවුනා. සෝමෙයා දොරකඩ අස්න කටපාඩං කරන්ඩ දඟ දහිරි දමාගෙන ඌට හැකි ආකාරෙන් කැප වුනා. පරිවාර සේනාව දවස තිස්සෙම නානා විධ කෙළි සෙල්ලමෙන් දවස් ගෙවා දැම්මා. උදේට ඉස්කෝලෙ.... හවහට පංසලේ... වෙන මොකුත් නෑ.... කොළු නඩේට සෝමෙයව අමතකම වෙච්චි ගානයි.
පංසලේ විහාර ගෙයි වැඩ කටයුතු ටිකත් ලහිලහියෙ ඕසෙට කෙරීගෙන යනවැයි කියමුකො.... ඒ උනත් සිත්තර බාස්සුන්නැහෙයි උන්නැහෙගෙ ගෝලබාල පිරිසයි ඇරුනම අවසේස කොළු නඩේට ඒ පැත්ත පලාතම තහනම්... දේව දූතයගෙ පරිවාර සේනාවටත් ඒ තහංචිය එයාකාරෙංම වළංගු උනා...
පිංකමට දෙදිනක් වගෙ තියෙද්දි දුරබැහැර පංසල් වලිං තරුණ හාමුදුරුවරු දෙනමකුත් වැඩියාය කියමුකො... ගමන් අපහසුව නිසා පිංකම මගඇරෙයි කියන බයට උන්නාන්සෙල දෙනම කලිම්ම වැඩම කරලා..... තරුණ වගේම හරිම සිල්වත් උන්නාන්සෙල.... එතනත් එක නමක් සෝරත.... ගම්පළාත් නං දන්නෙ නෑ... ලොකු හාමුදුරුවො " සෝරත උන්නාංසෙ කියල කථා කරපු හිංද දැන ගත්ත මිසක් කොයි හාමුදුරුවොත් අපට " අපෙ හාමුදුරුවො" ම තමයි නෙව. ගෞරවෙං කතා කරනව මිසක මොකෝ අපි උන්නාංසෙලට නම කියලා කතා කොරනවැයි.....අපේ පංසලේ පොඩි සාදුත් අපට නං අපෙ පොඩි සාදුම තමයි.දෙන්නම සෝරත උන්නාන්සෙල උනාට.
..😊😊😊😊😊😋
ඔන්න ඉතිං අළුතෙං වැඩපු සෝරත හාමුදුරුවො අපි එක්කත් හිතවත් උනා කියමුකො....  ඒ සෝරත හාමුදුරුවො අපෙ සෝරත පොඩි සාදුට කියනව මං අහගෙනයි, "පොඩි හාමදුරුවනේ තැඹිළි වතුර ඩිංගක් තිබ්බා නම් පංකාදුයි, වෙලාවෙ හැටියට.."
පටස් ගාලා පණිවුඩේ මට පාස් උනා... හංදියෙ කඩේ මුදලාලි මහත්තයගෙං තැඹිළි ඉල්ලා ගෙන එන්ඩ. ඔව්වා ඉතිං අපට මහ ලොකු රාජකාරි...මහා ලොකු ගෞරවනීය දේවල්... කුරුල්ලා මිටෙං ඇරියා සේ විජයා ඉගිල්ලුනා... පංසලෙං හංදියෙ කඩේට... ලේලන්ඩ් බස් එකේ.. කට තද කොරල.... තොල්දෙක දකුණු කම්ඹුල පැත්තට ඩිංගක් තල්ලු කරගෙන .....බ්ලූස්ස්ස්ස් ගාලා ලේලන්ඩ් සද්දෙ දාගෙන... දකුණු අතිං සුක්කානම.... වම් අතේ ජියර් එක... ඇරපං අම්මා.... සීයයි.. එකසිය දහයයි  ඉස්පීඩ් එක... සුටුස් ගාන ඩිංගට හංදියෙ කඩේ....දුන්නා පයිංඩේ මුදලාලිට... හුටා.. තැඹිළි නෑ කඩේ.... මුදලාලි කියාපි ගිහිං ඇලෙං එපිට වත්තෙං තැඹිළි කපං යංඩය කියලා... ආයෙමත් නැග්ගා ලේලන්ඩ් බස් එකේ....හංදියේ කඩෙං...ඇලෙං එපිට වත්තට... ඉල්ල ගත්ත පිහියක් වත්තෙ ගෙදර හාමිනේ ගෙං...ගහ ගත්තා ඉනේ පිටි පස්සෙං... සරම අමුඩෙ ගහ ගත්තා.... පොල් පැලේකිං ගලෝ ගත්ත කොල තුන හතරක් අඹරල හදා ගත්ත වළලු පුංචෙක්...දාගත්ත කකුල් දෙකට.... සුරුස් ගාන කොට ගහ මුදුනෙ.... කපා ගත්ත හොඳ තැඹිළි ඉත්තක්.. ගෙඩි දහයක් දොළහක් තරම...ඊට අඩු නං නෑ....ඒකත් කර තියා ගෙනම බුරුස් ..... රූට ගෙන ආපි ගහ පල්ලට.... දුවල දුවල ගිහිං පිහිය තිබ්බා ඉස්තෝප්පුවෙ බිත්ති කන්ද උඩිං.... " හාමිනේ.... ඕං පිහියෝඕඕඕඕ.... මං යනෝඕඕඕඕඕ... තැඹිළි වල්ල කර ගහ ගෙන විජේ කොළුව ඔරේ රන්.... වැඩේ පත්තු උනේ කඩේ ඉස්සරහදි.... ලේලන්ඩ් එක අදිනව හොරයි ලෝඩ් එකත් එක්ක....ඒ මදිවට ඇංජිමත් මිස් කරනවා.... කොහොමිං හරි  මුදලාලි තුමා දැකපි තැඹිළි වල්ල... ඇස් දෙක පැනපි එලියට...
ඕඕඕඕ..යීඊඊඊඊ...කොල්ලෝඕඕඕ....👹👿👺☠
සයිඩ් කණ්නාඩියෙං පෙනුණා මුදලාලිගෙ අටපට්ටං ගැහිච්ච රකුසු මූන... ආයෙ නිකං වත් බැලුවෙ නෑ ඒ පැත්ත... පෑගුව ලෑල්ලටම...  ඇංජිමේ සද්දෙත් අංජබජල්... ඇද්ද පංසලට හෙමිං හෙමිං...
තැඹිළි වල්ල දැක්ක සෝරත හාමුදුරුවංගෙ දෑසත් උඩ ගියෙ නැතෑ..
මෙච්චර තැඹිළි..? මං කිව්වෙ එක ගෙඩියක් ගේන්ඩනෙ.... ඕං විජයට තේරුනා කොරාපු ගොංකම.... 
මංදා හාමුදුරුවනේ... මුදලාලි දුන්නා..... මං ඇරං ආවා... ගොනා සේ කියාපු මං හෙමීට එතනින් මාරු උනා... පරිවාර සේනාවෙ හිංදා පංසලට නොගොහින් ඉන්ඩ බැරි හන්දා කරන්ඩ දෙයක් නැති උනා.... හැබැයි මාස ගානක් යන කං කඩේ පැත්තෙ පස් පාගන්ඩ නොයා ඉන්ඩ නං මං පරිස්සං උනා. 
කොහොමිං කොහොමිං හරි දොරකඩ අස්න අනුසාසනා පිංකං දවසත් උදා වෙච්චි.. හවස පෙරහැරට සූදානං වෙන්ඩ මහ කළබලේ... හේවිසි කාරයො ටික දවුල් තම්මැට්ටං,නලා ටියුන් මහ කංකරච්චලේ....සෝමෙයට දේවදූතයට අන්දවනව පංසලේ කාමරේකට කොටු කරගෙන.... අපි පරිවාර බටයො හතර දෙනාට ඇන්දුව සුදු සාරි...ඒකෙම්ම ගැස්සුව අමුඩයක්. අපේ ඇඳුම එච්චරයි. යටට පමණයි.... උඩට මොකුත් නැහැ. ඊළඟට දීපි කැපෙන්නෙ නැති කඩු කොටයක් අග්ගිස්සට දෙහි ගැටේකුත් ගහලම....අපි කඩු කොටෙත් කර ගහගෙන සෝමෙයගෙ ආරක්ෂාවට අලියගෙ හතර පැත්තෙං පයිං කොටහල්ලකො, සෝමෙයා අලියා පිටේ සැපට යනකොට.....  කරුමෙ අපට....  සැප  සෝමෙට...😂😂😂😂😂😋🤣🤣
 යුනිපෝම් පිට හිටපු පරිවාර බටයො සිව් දෙනා දැකපු  සෝරත හාමුදුරුවො හිනාව තද කොරාගෙන කියාපි... " ඕ..ඕඕඕඕ... ගැටදෙහි හමුදාවත් ඇවිත් ඉන්නෙ.."
අපි හතර දෙනා ගැට දෙහි බලකාය වූනේ ඕන්න ඔය විදියට තමා...!!!! 

පෙරහැරත්හොඳටම තිබුණා... සෝමෙයත් සුපිරියට දොරකඩ අස්න කිව්වා... හැමෝම  සෝමෙ කොළූ ගෙ හොඳ ම තමයි කිව්වෙ... කවුරුවත් නරකක් නං කිව්වෙ නෑ.... 
මං ඉතිං හොල්මන්..!
😮

Unhelpful friend

Unhelpful Friend Bunny rabbit lived in the forest. He had many friends. He was proud of his friends. One day Bunny rabbit heard the loud ba...