පොඩි නම... සෝරත....
ඵහෙයි.... මේ එනවා ලොකු හාමුදුරුවනේ..!
කෝ මේ සෝමෙ කොළුවා... කිසි හැලහොල්මනක් නෑ නෙව.... මොකෝ පාඩං කොරාල අහවරැයි අනුසාසනාව.....
ආං.... හොඳටෝම නිංද ගොහිල්ලා ලොකු හාමුදුරුවනේ.....
හ්ම්... කාරි නෑ...කාරි නෑ... තව ඇබිංදක් ඔහෙ නිදා ගත්තාවෙකො... මහන්සිත් නැතෑ නිදි මරාන පාඩං කොරාල....
හෙට පේරු දානෙ අපේ දිහෑං... ගිලංපස ඇරං හැන්දැකොරේ පංසල් ගිය වෙලේ තමා ඔය දෙබස මගෙ කණට වැටුනෙ.. පංසලේ ලොකු හාමුදුරුවොයි සෝරත පොඩි හාමුදුරුවෝයි අතර ඇති වෙච්චි මේ දෙබසින් මාව කරකවල අතෑරිය වගේ වුනා... මොකාද බොල මං නොදන්න සෝමයා.. පංසලේ ඉන්න... ම්..ම්..ම්.. විපරං කොල්ල බලන්ඩ ඕන..
කවුදෑ අපෙ හාංදුරුවනේ.... අළුත් ඇබිත්ත කොළුවෙක් වත් කැටුං ආවැයි..?
මට කළිං අපෙ අම්මා ඉස්සර වෙච්චි.
අපොයි නෑ උපාසකම්මෙ... මේ අර දෙණියෙ ගෙදර සෝම්පාල කොළූ නෙව... ඒකා නෙව මේ වංගියෙ දොරකඩ අස්නෙ දේව දූතයට අඳින්නෙ.. හාමුදුරුවො කියාපි. ඒකා මේ දවස්සොල පංසලේ නතර වෙලා ඉඳගෙන පාඩං කොන්නව නෙව...😩😩😩
හා..හා.. හොඳා අපෙ හාමුදුරුවනේ.. කලිං දැනගත්ත නං අපෙ විජයටත් ඕක කියංඩ තිබ්බ යස අගේට... මේකත් බොහෝම දස්සයි නෙව කතාවට බහට...
අප්පුච්චියේ.... මට ඇබිංදක්වත් ඒක සිහියට ආවෙ නෑ නෙව උපාසකම්මෙ... දැං ඉතිං මක් කොරන්ටද...
ඒකට කාරියක් නෑ අපෙ හාංදුරුවනේ... මං නිකමට කීවෙ.. සෝමෙ කොළුවත් හොඳට ඉඳීවි දේව දූතයට ඇංදහම... අපෙ අම්මත් රිවස් එකට දාලා සයිලන්ස් උනා. ඒ උනාට අම්මගෙ බොඩි ලැංවේජ් එක නං පෙන්නුවෙ වෙන දෙයක් කියලාමයි මට දැනුණෙම.
"අපේ එකාගෙ අහලකිං තිබ්බැකිද සෝමයා..... " ඕං ඕක තමා අපෙ අම්මා හිතුවෙ කියලමතමයි මට නං හිතුනෙම... අම්මපා..!
විජේ ළමයට බැරුවෑ පරිවාර සේනාවට එකතු වෙන්ඩ... ඒකත් මහ ගරු ගාම්භීර තානාංතරයක් නෙව.... අන්තිමේදී විජයගෙ ඉරණම තීන්දු උනේ ඕං ඔය ආකාරෙට.....
හෙමි හෙමිං දවසෙන් දවස ගතවුනා. සෝමෙයා දොරකඩ අස්න කටපාඩං කරන්ඩ දඟ දහිරි දමාගෙන ඌට හැකි ආකාරෙන් කැප වුනා. පරිවාර සේනාව දවස තිස්සෙම නානා විධ කෙළි සෙල්ලමෙන් දවස් ගෙවා දැම්මා. උදේට ඉස්කෝලෙ.... හවහට පංසලේ... වෙන මොකුත් නෑ.... කොළු නඩේට සෝමෙයව අමතකම වෙච්චි ගානයි.
පංසලේ විහාර ගෙයි වැඩ කටයුතු ටිකත් ලහිලහියෙ ඕසෙට කෙරීගෙන යනවැයි කියමුකො.... ඒ උනත් සිත්තර බාස්සුන්නැහෙයි උන්නැහෙගෙ ගෝලබාල පිරිසයි ඇරුනම අවසේස කොළු නඩේට ඒ පැත්ත පලාතම තහනම්... දේව දූතයගෙ පරිවාර සේනාවටත් ඒ තහංචිය එයාකාරෙංම වළංගු උනා...
පිංකමට දෙදිනක් වගෙ තියෙද්දි දුරබැහැර පංසල් වලිං තරුණ හාමුදුරුවරු දෙනමකුත් වැඩියාය කියමුකො... ගමන් අපහසුව නිසා පිංකම මගඇරෙයි කියන බයට උන්නාන්සෙල දෙනම කලිම්ම වැඩම කරලා..... තරුණ වගේම හරිම සිල්වත් උන්නාන්සෙල.... එතනත් එක නමක් සෝරත.... ගම්පළාත් නං දන්නෙ නෑ... ලොකු හාමුදුරුවො " සෝරත උන්නාංසෙ කියල කථා කරපු හිංද දැන ගත්ත මිසක් කොයි හාමුදුරුවොත් අපට " අපෙ හාමුදුරුවො" ම තමයි නෙව. ගෞරවෙං කතා කරනව මිසක මොකෝ අපි උන්නාංසෙලට නම කියලා කතා කොරනවැයි.....අපේ පංසලේ පොඩි සාදුත් අපට නං අපෙ පොඩි සාදුම තමයි.දෙන්නම සෝරත උන්නාන්සෙල උනාට.
..😊😊😊😊😊😋
ඔන්න ඉතිං අළුතෙං වැඩපු සෝරත හාමුදුරුවො අපි එක්කත් හිතවත් උනා කියමුකො.... ඒ සෝරත හාමුදුරුවො අපෙ සෝරත පොඩි සාදුට කියනව මං අහගෙනයි, "පොඩි හාමදුරුවනේ තැඹිළි වතුර ඩිංගක් තිබ්බා නම් පංකාදුයි, වෙලාවෙ හැටියට.."
පටස් ගාලා පණිවුඩේ මට පාස් උනා... හංදියෙ කඩේ මුදලාලි මහත්තයගෙං තැඹිළි ඉල්ලා ගෙන එන්ඩ. ඔව්වා ඉතිං අපට මහ ලොකු රාජකාරි...මහා ලොකු ගෞරවනීය දේවල්... කුරුල්ලා මිටෙං ඇරියා සේ විජයා ඉගිල්ලුනා... පංසලෙං හංදියෙ කඩේට... ලේලන්ඩ් බස් එකේ.. කට තද කොරල.... තොල්දෙක දකුණු කම්ඹුල පැත්තට ඩිංගක් තල්ලු කරගෙන .....බ්ලූස්ස්ස්ස් ගාලා ලේලන්ඩ් සද්දෙ දාගෙන... දකුණු අතිං සුක්කානම.... වම් අතේ ජියර් එක... ඇරපං අම්මා.... සීයයි.. එකසිය දහයයි ඉස්පීඩ් එක... සුටුස් ගාන ඩිංගට හංදියෙ කඩේ....දුන්නා පයිංඩේ මුදලාලිට... හුටා.. තැඹිළි නෑ කඩේ.... මුදලාලි කියාපි ගිහිං ඇලෙං එපිට වත්තෙං තැඹිළි කපං යංඩය කියලා... ආයෙමත් නැග්ගා ලේලන්ඩ් බස් එකේ....හංදියේ කඩෙං...ඇලෙං එපිට වත්තට... ඉල්ල ගත්ත පිහියක් වත්තෙ ගෙදර හාමිනේ ගෙං...ගහ ගත්තා ඉනේ පිටි පස්සෙං... සරම අමුඩෙ ගහ ගත්තා.... පොල් පැලේකිං ගලෝ ගත්ත කොල තුන හතරක් අඹරල හදා ගත්ත වළලු පුංචෙක්...දාගත්ත කකුල් දෙකට.... සුරුස් ගාන කොට ගහ මුදුනෙ.... කපා ගත්ත හොඳ තැඹිළි ඉත්තක්.. ගෙඩි දහයක් දොළහක් තරම...ඊට අඩු නං නෑ....ඒකත් කර තියා ගෙනම බුරුස් ..... රූට ගෙන ආපි ගහ පල්ලට.... දුවල දුවල ගිහිං පිහිය තිබ්බා ඉස්තෝප්පුවෙ බිත්ති කන්ද උඩිං.... " හාමිනේ.... ඕං පිහියෝඕඕඕඕ.... මං යනෝඕඕඕඕඕ... තැඹිළි වල්ල කර ගහ ගෙන විජේ කොළුව ඔරේ රන්.... වැඩේ පත්තු උනේ කඩේ ඉස්සරහදි.... ලේලන්ඩ් එක අදිනව හොරයි ලෝඩ් එකත් එක්ක....ඒ මදිවට ඇංජිමත් මිස් කරනවා.... කොහොමිං හරි මුදලාලි තුමා දැකපි තැඹිළි වල්ල... ඇස් දෙක පැනපි එලියට...
ඕඕඕඕ..යීඊඊඊඊ...කොල්ලෝඕඕඕ....👹👿👺☠
සයිඩ් කණ්නාඩියෙං පෙනුණා මුදලාලිගෙ අටපට්ටං ගැහිච්ච රකුසු මූන... ආයෙ නිකං වත් බැලුවෙ නෑ ඒ පැත්ත... පෑගුව ලෑල්ලටම... ඇංජිමේ සද්දෙත් අංජබජල්... ඇද්ද පංසලට හෙමිං හෙමිං...
තැඹිළි වල්ල දැක්ක සෝරත හාමුදුරුවංගෙ දෑසත් උඩ ගියෙ නැතෑ..
මෙච්චර තැඹිළි..? මං කිව්වෙ එක ගෙඩියක් ගේන්ඩනෙ.... ඕං විජයට තේරුනා කොරාපු ගොංකම....
මංදා හාමුදුරුවනේ... මුදලාලි දුන්නා..... මං ඇරං ආවා... ගොනා සේ කියාපු මං හෙමීට එතනින් මාරු උනා... පරිවාර සේනාවෙ හිංදා පංසලට නොගොහින් ඉන්ඩ බැරි හන්දා කරන්ඩ දෙයක් නැති උනා.... හැබැයි මාස ගානක් යන කං කඩේ පැත්තෙ පස් පාගන්ඩ නොයා ඉන්ඩ නං මං පරිස්සං උනා.
කොහොමිං කොහොමිං හරි දොරකඩ අස්න අනුසාසනා පිංකං දවසත් උදා වෙච්චි.. හවස පෙරහැරට සූදානං වෙන්ඩ මහ කළබලේ... හේවිසි කාරයො ටික දවුල් තම්මැට්ටං,නලා ටියුන් මහ කංකරච්චලේ....සෝමෙයට දේවදූතයට අන්දවනව පංසලේ කාමරේකට කොටු කරගෙන.... අපි පරිවාර බටයො හතර දෙනාට ඇන්දුව සුදු සාරි...ඒකෙම්ම ගැස්සුව අමුඩයක්. අපේ ඇඳුම එච්චරයි. යටට පමණයි.... උඩට මොකුත් නැහැ. ඊළඟට දීපි කැපෙන්නෙ නැති කඩු කොටයක් අග්ගිස්සට දෙහි ගැටේකුත් ගහලම....අපි කඩු කොටෙත් කර ගහගෙන සෝමෙයගෙ ආරක්ෂාවට අලියගෙ හතර පැත්තෙං පයිං කොටහල්ලකො, සෝමෙයා අලියා පිටේ සැපට යනකොට..... කරුමෙ අපට.... සැප සෝමෙට...😂😂😂😂😂😋🤣🤣
යුනිපෝම් පිට හිටපු පරිවාර බටයො සිව් දෙනා දැකපු සෝරත හාමුදුරුවො හිනාව තද කොරාගෙන කියාපි... " ඕ..ඕඕඕඕ... ගැටදෙහි හමුදාවත් ඇවිත් ඉන්නෙ.."
අපි හතර දෙනා ගැට දෙහි බලකාය වූනේ ඕන්න ඔය විදියට තමා...!!!!
පෙරහැරත්හොඳටම තිබුණා... සෝමෙයත් සුපිරියට දොරකඩ අස්න කිව්වා... හැමෝම සෝමෙ කොළූ ගෙ හොඳ ම තමයි කිව්වෙ... කවුරුවත් නරකක් නං කිව්වෙ නෑ....
මං ඉතිං හොල්මන්..!
😮